29 March 2018

මා ඕල්මොස්ට් දුටු අලි පෙරහැර - පොඩිහිටියාගේ රචනයකි

මෙච්චර කට්ටිය කුඹී පෙරහැරවල් ගැන කතා කරන කාලේ අපේ ටීචර් කීවේ අලි පෙරහරක් ගැන ලියන්න කියලාය.  මේකේ කාලය දේශය දීපය කුලය මව් ගලපන්න යන්නේ නැතිව මෙය පොඩි එකෙක් ගේ රචනාවක් ලෙස සිතා  කියවන ලෙස මුලින්ම ඉල්ලා සිටිමි.
අපේ ගුරුතුමී කීවේ කොලේ පිරෙන්නම රචනාව ලියන්න කියලාය. ඉතින් මැදින් පොඩ්ඩක් වල්පල් වගේ පෙනුනොත් සමාවෙන්න බෝපතකට කඳුළු බින්දු වැටුනොත්.

මම  පෙරහැර බලන්න ගියේ අපේ සීයා සමගය. ගිහින් පාරේ අයිනේ ඉඳගෙන සිටියෙමු. මේක මේ නුවර පෙරහැර වත්, ගංගාරාමේ පෙරහැරවත්, බෙල්ලන්විල එකවත් නොවේය. අපේ ගමේ දුප්පත් පන්සලේ පෙරහැරය. ඉතින් අර මහා පෙරහැරවල වගේ සාරෙට අලි නැත. ඒත් පොඩිහිටි අපගේ ඒකායන අභිප්‍රාය වූයේ අලියෙක් හෝ දැක ගැනීමය 

මුලින්ම පෙරහැරේ ගමන් කරේ කස කාරයෝය. උන් වටේ ඉන්න එවුන්ට උණ ගැනෙන්නට කස පුපුරොව්වෝය. කස කාරයන්ට පස්සේ එන්නේ අලින් දැයි සීයාගෙන් ඇසුවිට ඔහු කීවේ අලි එන්නට තව වෙලා තියෙනවා කියලාය. සීයා හරිය, ඊට පස්සේ ආවේ පන්දම් කාරයෝය. උන් පන්දම් උඩට උඩට වෙන්නට අල්ලාගෙන ගියහ. 

ඊට පස්සේ ( අපේ ටීචර් හැමතිස්සෙම කියන්නේ  නිම්මාන සිලී නිර්මාණශීලී වෙන්න කියලාය . ඉතින් ඊළඟ  චේදය සිංහල රැප් එකක් ලෙස ලියමි . ඔබත් එලෙසම කියවන්න.)

යෝ යෝ නිගා නිගා ..ඊටපස්සේ ආවේ අලි නෙවේ බං. කසකාරයෝ රිටිකාරයෝ පන්දම්කාරයෝ.  නලාකාරයෝ බෙරකාරයෝ උඩ රට නැට්ටුවෝ. හේ විසි කාරයෝ. කා වඩි කාරයෝ .. ඒ අස්සෙන් ආ පොප් කෝන් කාරයෝ. යෝ නිගා යෝ යෝ, පිළිවෙලයි  මහත්ත යෝ 

ඇත්තටම පොප්කෝන් කාරයෙක් ආවේය. ඔහු ආවේ, "පෙරහැර බලන ගමන් හපා හපා ඉන්න. පොප්කෝන් " කියා කෑ ගසාගෙනය. සීයා ඔහුව එලවා ගත්තේය. 
මේ ඔක්කොම කාරයෝ ගිහින් ය  ඒත්  අලි තාම නැත. සීයේ දැන් අලි එයිද කියා අපේ පැය  බාගයෙන්  බාගයට , විනාඩි පහෙන් පහට , විනාඩියෙන් විනාඩියට  ප්‍රශ්න කිරීම සීයාට ලීම අලි කරදරයක් විය.

ඔන්න එතකොටම ආවේ තවත් වෙළෙන්දෙකි.  " තිබහට උරන්න පොප්සිකල්. තිබහට උරන්න ..". "ඒයි පොප්සි මෙහෙ එනවකෝ කියා  සීයා  ඔහුට කතා කලේය. අලි එන්න තව දුරද කියලාය. ඔහු කීවේ මේ කාලේ බෙහෙතකටවත් හොයා ගන්න අලි හිඟ බවය. ඔහු කීවේ ඒ නිසා පෙරහරේ හිඩැස්  පුරවන්න කාවඩි,  වඩිග පටුන විතරක් නෙමෙයි බ්රේක් ඩාන්ස් කණ්ඩායමුත් වැඩියෙන් දානවා කියලාය. අනික අලි වෙනුවට දැන් ගෙනියන්නේ  අලි වගේ අන්දපු ට්‍රැක්ටර් සහ ත්‍රීවීල් තමයි මහත්තයෝ කියලාය.

එහෙනම් පත්තරේ තිබ්බේ දළ ඇත්තු ඉන්නවා කියලා සීයා ඇසුවේය. පොප්සිකල් කාරයා කින්ඩි හිනාවක් දා ඇසුවේ, මහත්තයත් අලින්ගේ විස්තරේ පත්තරේන් බලනවද කියලාය.
අලි නැතිව කොහෙද පෙරහැරවල යන්නේ කියලා සීය ඇසුවහම, පොප්සිකල් කාරයා කිව්වේ අලි හිටියා හෝ නොහිටියා මීහරක් උඩ කරඬුව තියාගෙන හරි පෙරහැර යන බව ග්‍රාමසේවක රාලහාමි  කියූ බවය. 

අපේ සීයාත්  අරින්නේ නැත්තේය. ඔහු ඇසුවේ එහෙනම් පාරේ අලි බෙටි තියෙන්නේ කොහොමද කියලාය. වෙළෙන්දා කීවේ සමහර පෙරහැරවල් ජාම බේරගන්න අලිබෙටි සල්ලි වලට අරන්  පත්තරවල ඔතාගෙන ඇවිත් පාරේ තැනින් තැන අතුරනවා කියලාය. සීයාට තරහ ගියේය. අනේ පලයන් පොප්සි යන්න, ඔය වැදගත් පත්තර වලින් අලිබෙටි ඔතනවද, උඹ ආව මෙතන පෙරහැරේ විස්තර විචාරේ දෙන්න කියා ඔහුව එලවා ගත්තේය.

හුරේ
, දන්නෙම නැතිව පිටුව ඉවර වෙන්න ළඟය. ඉතින් ඉතුරු ටික කෙටියෙන් ලියමි.
ඈතින් නිලමේලාත් එනවා මම දැක්කෙමි. මීළඟට එන්නේ නම් අලි තමයි යයි මට සිතුනි.

එතකොටම අයෙක් කෑ ගැසුවෝය " ඔන්න අලි එන්න ලඟයි ... ඔන්න දැන් එන්නේ කවුද කියලා දන්නවනේ .. පින්වත්නි පරිස්සම්  කර ගනිල්ලා පර්ස් බෑග් මලු සාක්කු .. 


ඊළඟට එන්නේ පොකට් කාරයෝ 

19 comments:

  1. හොහ්..හොහ්.. හොහ්..හොහැ..හොහ්... :))))))

    ReplyDelete
  2. පස්ටම ආතල් සින්දගී බනාන විත් ප්ලේන් රයිස්

    ReplyDelete
  3. tie coat gahapu pocket karaya

    ReplyDelete
    Replies
    1. සුදු රෙදිඇඳපු එවුනුත් ඉන්නවා

      Delete
  4. තේරුනේ නෑ. තේරුම් ගන්න දෙයක් නැද්ද දන්නෙත් නෑ. මොනව වුනත් කමක් නෑ. මං මෝඩයා කියලා මැරෙන්නයැ

    ReplyDelete
    Replies
    1. පලි: ස්වස්ති සිද්ධම්, විශ්වාස භංගම්

      Delete
  5. Replies
    1. පලි: ස්වස්ති සිද්ධම්, විශ්වාස භංගම්

      Delete
  6. youtube එකේ තිබෙන bombai motai කියන විකට චරිත දෙක සහිත ක්ලිප්ස්වල මේ වගේම හොඳ කෑල්ලක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. බලලම නෑ බලන්න ඕනේ

      Delete
  7. අලි පෙරහැර
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේක නිකං යමාමහපෙලහර වගේ. ගිනි පිඹිනවා වතුර ගහනවා

      Delete
  8. සුපිරිය, එලය.

    ReplyDelete
  9. ස්තුතියි . හැලපෙත් බලනවද අලි පෙරහැර පත්තරෙන්වත්

    ReplyDelete

Have commented