05 October 2017

රාමු




ලංකාවට යන්නේ නෑ ?

ජූලියේ ගියා , අවුරුද්දට දෙපාරක් යන්න ආසා උනත් ආර්ථිකෙට දරන්න බෑ  

එහෙම නෙමෙයි මම කියන්නේ .. ආයේ එහෙ ජීවත් වෙන්නම ...

හ්ම්ම් , ඒක ටිකක් සංකීර්ණයි 

අපි නම් යනවා ඊළඟ අවුරුද්දේ 

හොඳයි ..ඒත් ඇයි  මේ හදිස්සියේම  ?

මට ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් , උන් දෙන්නත් ලොකුවෙනවා 

ඉතින් ?

නිකන් හරි චීන කොල්ලෙක් හරි , ඉන්දියන් කොල්ලෙක් හරි සෙට් උනොත් වහ කන්න නේ වෙන්නේ 

ඒ ඇයි 

ඇයි ? යකෝ ..!! අපි දරුවන් වෙනුවෙන් දුක් විඳලා සල්ලි හම්බු කරා ... ලංකාවේ අපිට දරන්න තියා හිතන්නවත් බැරි 
බැරි අධ්‍යාපනයක් උන්ට දුන්නා ... සුදු හම දැක්කම අපි වගේ ඇඹරෙන්නේ නැතිව හරි හරියට කතා කරන්න උන්ව ලොකු මහත් කළා .  අපේ දූපත් මානසිකත්වයෙන් උන්ව මිදෙව්වා .. හොඳ ලංකාවේ කොල්ලෙක් සෙට් වෙන තැනට වැඩ කරන එකත් අපේ යුතුකමක් ... උඹට එහෙම හිතෙන්නේ නැද්ද ?

පලි 

ඇතැම් විට අපි රාමු තුළ හිරවී සිටිමු . ඒ රාමු කඩාගෙන එලියට පැන්න  උන් ආයෙත් රාමු ඇතුලට නොඑන්නට හිත හදාගෙන රාමුවෙන් එළියේ හිරවී සිටිති .  ඇතැම් විට රාමු පිට රාමුය . පන්ති රාමු , ජාතික රාමු. ප්‍රාදේශීය රාමු , කුල රාමු 
 මෙන්ම ලිංගිකත්වය පිලිබඳ රාමු අපිට පෙනුනද , බොහෝවිට අනන්‍යතාවය පිලිබඳ රාමුව පාරදෘශ්‍ය වේ . 

ඇත්තටම , මට එහෙම හිතෙන්නේ නැත . අනේ මන්දා ... 

11 comments:

  1. ඔය ඉතින් මගුලට, චීනෙට හරි ඉන්දියාවට හරි යන්ට බැරි නිසානෙ......

    ReplyDelete
    Replies
    1. හාහාහා.. අනික නෑයෝ එක්ක කතාකරන්න බාසාව ඉගෙන ගන්නත් වෙනවනේ

      Delete
  2. ඇවිත් මාස 3 කෙල්ලෝ ආපහු යනවා, අම්ම තාත්තාට තෙරුවන් සරණයි.

    ReplyDelete
  3. මම හිතන්නේ අපිට මොකක් හරි ලෙඩක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතිලා තියෙන්නේ. බෙහෙත් ගන්න පරක්කු වැඩියි. ඔන්න ඔහේ මෙහෙමම ඉන්නවා මැරෙනකන්

      Delete
  4. හෙහ් හෙහ් රාමු නැති තරමට ජිවිතේ ෆන්... හැබැයි ඉතින් කොහෙන් හරි එකක් හිර කර ගන්නවාම තමයි..

    ReplyDelete
    Replies
    1. රාමු නැති ජිවිත තියෙනවද මන්දා

      Delete
  5. හොඳ ලංකාවේ කොල්ලෙක් සෙට් වෙන තැනට වැඩ කරන එකත් අපේ යුතුකමක් ... උඹට එහෙම හිතෙන්නේ නැද්ද ?

    අවංක ආදරයකට ජාතිබෙදයන් නැත . ළමයින්ට අවශ්‍යනම් ඕනෑතරම් ලාංකීය උන් සොයාගත හැක
    ඇත්තම අවශ්‍ය තාවය තියෙන්නේ ළමයට නෙවෙයි ළමයාගේ දෙමව්පියන්ටයි අපි ගියත් ලංකාවට ළමයි කැමැත්තෙන් එයිද... නැහැ නේද

    එහින්දා අපි විතරක් යනවා ළමයින්ට
    ඔවුන්ගේ ලෝකය ඔවුන්ට දීලා ......

    ReplyDelete

Have commented