02 October 2016

අහිංසකි , දුක නම්

අහිංසකී  , දුක නම් 
සුළං පොදක් සේ 
ඔහේ හමා විත් 
ඇඟේ  වැදී , වැදී 
කෙහෙරැළි  අවුළා 
ඇස් කෙවෙනි යාන්තමට 
පොඟවා 
සුසුම් මිට මොලවන් 
යන්නී 
ඔහේ 

ඒත්  
සතුට නම් , මායාකාරී 
අකල් හෙණක් සේ 
කන් අගුල් 
සියොළඟ හිරි 
වට්ටා 
උන්හිටි තැන් ද 
අමතක කරන්නී 
ඈ 

No comments:

Post a Comment

Have commented